
ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව
උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන්
හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා ගැනීමට යෑමේ දී
ඇතිවන ගැටුම,
විඝඨනය හා විරුද්ධාභාෂයන්
අතර ඇති සහසම්බන්ධයන් හා ප්‍රතිවිරෝධයන් අඩසිය වසකට වඩා අධික කාලය තුල දී අප අත්දැක ඇත්තෙමු. දකුණ සහ උතුර වෙනුවට දකුණ සහ වම යන්නෙහි
අර්ථයත්, ඉතිහාසයත්, ලාංකීය භාවිතාවත් පිළිබඳ ඇති උභතෝකෝටිකය විසින් මෙකී ප්‍රශ්නය සංකීර්ණ
කර ඇත. එසේම එය මානව ප්‍රගතිශිලී දේශපාලනයේ ඓතිහාසික යුතුකම පැහැර හැරීමට ක්‍රියාකරමින්
සිටී. මෙම තත්වය අනාගතය සඳහා ද විනාශයක්ම යෝජනා කරන බැවින් වම දකුණ පිළිබඳ වෙනස හා
දාර්ශනික සන්දර්භය සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාව වන්නේය.