Diaspora Diary

Showing posts with label Ideology. Show all posts
Showing posts with label Ideology. Show all posts

Saturday, August 23, 2025

හැත්තෑ හය වසරක තල මල හෙවත් ඔක්කොමලා සුදාලා

 

ලිමාට් ප්‍රවාද- Limmat Thesis


 


මිත්‍රවරුනී,

දෘෂ්ටිවාදයකින් විගලිතව මේ කියන දෙය ලියන්නට නො හැකි ය. එහෙම නම් මම කළ යුත්තේ නො ලියා සිටීම ය. නමුත් නොලියා බැරි නිසා ලියමි. සමහරවිට ඔබ සිටින නො සිටින දෘෂ්ටිවාදය විය හැකි ය. ඔබ කැමැති අකමැති විය හැකි ය. එය කුමක් වුව ද මම ලියමි. ඉන් පසු මම නො පවතිමි.

සිද්ධියකින්ම ලිවීම පටන් ගන්නම්. මෙහෙ වෙලාවෙන් සවස හය හත වගේ කාලයකි. රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ අංශයෙන් පසුව උසාවියට ගෙන ගොස් සිටි අවස්ථාව ය.  මට වට්ස් ඇප් ගෘප් කෝල් එකකට සම්බන්ධ වන්නට වීමෙන් ඒ බව දැන ගන ගන්නට ලැබිණි. ඒ වන විටත් වටස් ඇප් සංවාදය වූයේ රනිල් ගැන යි. සංවාදයට සම්බන්ධ වී මම නිහඬව අසා සිටියෙමි. අපි කාල අවකාශ දෙකක ය. ලංකාව සහ යුරෝපය දෙකොන ය. ඒ මොහොතේ සිදු වූහ කතා බහ “සංවාදය” කියා ද කිව නො හැකි ය. සංවාදයකට අදාල සන්දර්භයක් නො තිබුණු බැවිනි. අපි සියලු දෙනාම හොඳින් දන්නා හඳුනන, අතීත දේවල් ගොඩක් ඇති අය වීමත්, ලඟ ඇසුරුකම් පැවැතීමත් නිසා, අපේ කතා බහ විදිමත් නෑ. විදග්ධ නෑ. ඇතැම් විට කුණු හරපත් එලියට එනවා. කෝපය ක්‍රේධය, වෛරය, තරහ පිට කරන වචන තුළ අඩංගු ය. ඒ අතර සතුට ප්‍රීතිය, ප්‍රමෝධය වැනි  හැඟීම් ද කතා බහ තුළ ඇත. හිනාවත් විනෝදයත් ඇත.මීට හේතුව රනිල් ය. රනිල්ට තව සුළු වෙලාවකින් සිදු වන දෙය බලාගෙන සිටින මොහොතක දී සිදු වන මේ සංවාද විපර්යාසයන් ය. එක් කොනකත් තවත් කොනකත් ඉතා ගැම්මකින්, ආවේගයකින් ඉහත කී හැඟීම් ඇතුළත්ව සිදු වූ කතා බහට මම සවන් දී සිටී.

රනිල් ගැන අතීත කතා, රනිල් කළ දේවල්, රනිල්ට කළ යුතු දේවල් වචන අතර හුවමාරු විය. අනුර කුමාර ජනාධිපති ගැන ඇති බලාපොරොත්තුව, පෙර නො වූ විරූ බව, අධිකරණය ගැන ඇති සතුට. ඉතිහාසයේ පළමු වතාවට වෙන්න බැරි දෙයක් සිදුවීම ගැන ඇති මහා බලාපොරොත්තුව. පොඩි මිනිහට ඇති සැනසීම, තැන, කාලය ගැන මේ කතා බහ.

“උඹේ අදහස මොකක් ද” ඔන්න මගෙන් අහන්න වුණා.

මම නිහඬව සිටියෙමි. නමුත් කතාව වැළ නොකැඩී යන නිසා මට තවම අවකාශයක් නැත.

නැවත මගෙන් අසන විට මම ලිහිල් කෙටි පිළිතුරක් දුන්නේ ය.

“දැන් මොකද වෙලා තියෙන්නේ..”

මගේ ප්‍රශ්නය ද අඛණ්ඩ ආ කතා බහ ගැට ගැසුණි.

මම වෙනස් අදහසක් දරණ බව දන්නා මිතුරන් මගෙන් පිළිතුරක් බලා පොරොත්තු විය. නමුත් ඒ වන විටත් කතා බහ තුළ කිරිබත් උයා, රතිඥ්ඥා පත්තුකර සතුට බුක්ති විඳි මොහොතට අදාලව සංසර්ග  කළ හැකි ගැළපෙන පිළිතුරක් නො ලැබිණි. මේ නිසා සංවාදය උණුසුම් විය. මම කළේ ඇවිළෙන සතුටට ගින්දර දැමීම වැන්නකි.

සුදාගේ අනාවැකියට හපන් අනාවැකි පළහ වී හමාරය. රනිල්ට දවස් 14ක් නොව අවුරුදු ගණනකට දඬුවම් ලැබී ඇත.

ඒත් සමඟම ලංකාවේ මිතුරා දැනුම් දුන්නේ, රනිල්ට වැඩේ හරි. එලියට අරගෙන එන ආකාරය දැක එයින් උද්ධාමයට පත් වීමෙනි. අධිකරණය අසල ඇති උණුසුම් තත්තවය පාලනය කිරීමට ආරක්ෂ අංශ මැදිහත්වන වන බව ඒ අවස්ථාවේ පෙන්වන දර්ශනවල හඬ ඇසිණි.

අපේ කතා බහ දැන් එතැන විරෝධය පාන්නන්ට එරෙහිව ය. උන් අත් අඩංගුවට ගැනීම කළ යුතු ය. උන්ට වෙඩි තැබිය යුතු ය. තව පැත්තකින් යෝජනා වූයේ, ඔවුන්ව කන්දකාඩුවලට දමා පුනුරුත්තාපනය කළ යුතු කියා ය. කවුද? මේ විරෝධය පාන ජනතාව. සංවිධානාත්මක පාක්ෂකයෝ.

“උඹ කොහොම ද එහෙම කියන්නේ” මගේ ප්‍රශ්නය යි.

“ඇයි මට කියන්න බැරි. උන් වහල්ලු.”

“ඒ හින්ද ද උන් කන්දකාඩු දමන්නේ, ඒත් උඹ කොහොමද ඒක තීරණය කරන්නේ. “

“ඇයි මට කියන්න බැරි.”

“ කොහොමද උඹට පුළුවන්. උඹට බෑ ඒක කියන්න.”

හැත්තෑ හය වසරක දේමයි නේද මේ කියන්නේ. බෞද්ධාගමික පළි ගැනීම. පැරණි ගිවිසුම.

ඔය විදිහට කතාව දිහට ගියා. ලංකාව පැත්තෙන්, ඊටත් වඩා  දරුණු යෝජනා එන්නට විය. පොලිසිය නො කරන දේවල් පවා.

කොහොම වුණත්, මේ කතා බහේ කැඩපත සමාජ කැඩ පතයි. මානව මනෝභාවයයි. ඒක හරි ද වැරදි ද කියන එක විනිශ්චය කිරීම අපි අපිට අනුව කරගන්නවා. අධිකරණයේ විනිෂ්චය කියන්නේ ඇත්තටම ව්‍යාජයක්. ඒක ගේම් එකක්. සම්මුතියක්. සැලසුමක්. යුක්තිය නෙවෙයි. සොක්‍රටීස්ගේ, ප්ලෝටෝගේ යුක්තිය වෛයි. රෝම ලන්දේසි යුක්තිය නෙවෙයි. සිළිඳුගේ යුක්තියත් නෙවෙයි. ඒක ගේම් එකක්. කුමන්ත්‍රණයක්. සැලැස්මක්. ඒ ඔක්කොම සමාජ විලාසිතාවක් වෙලා. ශානි අබේසේකර, අනුර කුමාර දිසානායක. කාදිනල්, අධිකරණය, ඉන්දියාව අමෙරිකාව, ටිල්වින් සිල්වා, හරිනී, යූ ටියුබ්, මාධ්‍යය ලට්ට ලොට්ට මේ ඔක්කෝම කළවම්. එකිනෙකට සම්බන්ධයි. අසම්බන්ධයි. රනිල් කරපු වැරදිවලට ගන්න හදනකොට, රනිල් කරපු දේවල්වට වඩා වැඩියෙන් කරන්න ජනතාවම ඉල්ලා සිටිනවා. ඔක්කොමලා සුදාලා.

නෑ අපි එහෙම නෑ. කිව්වට එහෙම තමයි.

ඉතිං මෙතන නේද ප්‍රශ්නය තියෙන්නේ. හැත්තෑ හය වසරේ ශාපය කියන එක යථාර්ථයක් ද, ප්‍රබන්ධයක් ද කියන එක තුළ සමාජය ගොඩ නැගී තිබෙන්නේ වෛරය දිහාවට. බුදු දහම ගැන කතා කර කර ඉල්ලා සිටින්නේ ඇසට ඇස නොව ඇසට රීරි මාංශ.

දැන් සියලුම සංස්ථා විනාශ වෙලා ඉවරයි. ඒවා අලුතින් හදන්න බලය දුන්න බලය ගත්ත අය කාසියේ අනිත් පැත්ත. පුනරුදය කිව්වට තේරුමක් නෑ. කොපි පේස්ට් සමාජයක්. කවුරුත් කැමැති නෑ පිළිගන්න. වරද, වැරදීම, නො හැකියාව.

එහෙම කරන්න එහෙම හිතන්න ඉඩක් නෑ. ඔක්කෝම ප්‍රෝග්‍රෑම් එකක. පර්යේෂණාගාරයක මීයෝ වගේ. අනුරලා වැරදියි කියන අය, රනිල්ලා වැරදියි කියන අයගේ වෙනසක් නැත්තේ නෑ. ඒත් අවසානයේ අරමුණ එකයි. අන්‍යතාව, බලය, සතුට

අපි රටක් විදිහට, ජාතියක් විදිහට හිතන්න ක්‍රියා කරන්න තවම අවස්ථාව ඇවිත් නෑ.

තාම අපි ඉන්නේ අපිටම ආවේනික අනන්‍යතා අර්බුදයක. ඉගෝ ගුලියක. අනන්‍යතාව අපිට සාමූහිකව ගොඩ නගා ගන්න දෙන්නේ නෑ. ඒක ලොකු සැලස්මක්. ඒක ගෝලිය කලාපීය අවශ්‍යතාවක්. ඒක දැන් සමාජ මාදිලියක්. ඒක විශ්වාස කරන්න බැරි තරමට නව සාමාන්‍යකරණයක්. තනි තනි ගේම්, හවුල් ව්‍යාපාර ගේම්, සමාගම් ගේම් මිසක රටක් විදිහට සියලු වාර්ගිකත්වයන් ඇතුළත් ජාතික ගේමක් ගහන්න ඉඩක් නෑ. ලෙනින්ලගේ ජාතික විමුක්තිය ඉවරයි. ධර්මපාල ඉවරයි.

මාලිමා ආණ්ඩුවට දැන් ගහන්න වෙලා තියෙන්නේ අමුතුම ගේමක්. බලය තියා ගන්න. බලය දික්කරගන්න. සමාගම අරක්ෂාකරගන්න. ඒ වෙනුවෙන් අධිකරණය යොදා ගන්න එකයි දැන් තියෙන හොඳම ආයුධය. මිනස්සු ඒක විශ්වාස කරනවා නෙවෙයි, කරනවා කියලා හිතනවා. ඒත් එහෙම එකක් නෑ කියලා මිනිස්සුත් දන්නවා.

ඒත් හැම මඟුලක්ම විවේචනය කරන මාර දාර පොරවල් පවා අධිකරණයට අත තියන්නෑ. ඒ වුනාට දන්නවා අධිකරණය කියන්නෙත් අනිත් ඒවා වගේ මජර, ජරා ජීර්ණ කුණු ගොඩක්. “ඔය ! දැන් සිදු වෙන්නේ යුක්තිය” කියලා අර්ථකතනය කරගන්න ලේසියි. නමුත් ඇත්ත ඒක නෙවෙයි. අත් අඩංගුවට පත්වෙයි කියන බයට බොරුවට කියනවා අපි අධිකරණයට හිස නවනවා කියලා. එහෙම මගුලක් නෑ. ඒක ගොඩක් දෙනා දන්නවා. හරියට පංසලයි දායකයයි වගේ. භක්තියෙන් ඉන්න කෙනත් එක්ක විතරයි ගේම් එක ගන්න පුලුවන්. නැත්තම් දෙගොල්ලම දැනගෙන නොදන්නවා වගේත් ගහන ගේම් තමයි දැන් තියෙන්නේ. මේක ඇත්තටම දැන් ගේම් එකකුත් නෙවෙයි. ඒක සමාජ මාදිලිය. ඒකෙන් පිටට යන්න බෑ. ඒක ජීවිතය. ඒක හැබැයි ධනවාදය නෙවෙයි. ඒකට ධනවාදය රිංගලා තියෙනවා.

දැන් මේ ආණ්ඩුව හන්නෙත් ඒක. ඒත් ඒකත් ලේසි නෑ. ඉතිං ඒ ගේම් එකට තියෙන බලවත්ම එක නීතිය. ජනතාවගේ ඇස් බැඳලා යුක්තිය අතට අරගෙන තියෙන්නේ.

ආණුඩුව දුන්න පොරොන්දු තමයි. දූෂිතයින්ට දඬුවම් දෙන එක. දූෂණය නතරකරන එක. ඒකට දේශීය නිෂ්පාදනයක් නෙවෙයි. ඒත් හරියට “බාටා සෙරෙප්පු” අපේ වගේ, “නෙස්ලේ නෙස්ප්‍රේ” වගේ අපේ වගේ නිෂ්පාදනයක්.

ලංකාව කියන එක ගැන, රටක් කියන දෙයක් ගැන, ජාතියක් කියන දෙයක් ගැන බොරුවට කතා කරන්න පුළුවන්. ඒත් ඒක ඇත්තටම කරන්න ඕන නම් අපි තව පරිප්පු කන්න ඕන. කන්න වෙනවා.

මේ නිසා රනිල්ට දඬුවම් දීම කියන එක තුළ කෙටියෙන් සහ සංක්ෂිප්තව කියනවා නම්, එහෙමත් නැත්තම් දාර්ශනිකව කියනවා නම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය එකතුවක් කියන එකයි කියන්න තියෙන්නේ.

එලිසබෙතන් රඟහලේ හැමෝම නළු නිළියෝ.

අපි එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් නම්, අන්න එතනයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඉන් මෙහා දෙයක් නෑ. ඉන් එහා ඔක්කොමලා සුදා ලා.

උදය ආර්. තෙන්නකෝන්

ලිමාට් ප්‍රවාද සූරිච් සිට- Limmat Thesis – from Zürich

23. 08. 2025

Monday, August 25, 2014

IDEOLOGY VERSUS JUSTICE, DEMOCRACY AND FUTURE IN SRI LANKA

Presentation about Sri Lanka was presented in a workshop organized by International Fellowship of Reconciliation- Hundred Years for Non Violence- Konstanz Germany
By Udaya R. Tennakoon





Reflecting 
on the violence of the 
past and addressing the challenges of 
today, approximately 150 delegates from IFOR 
member organizations across the globe will gather in Konstanz, 
Germany 100 years after the outbreak of World War I. World- renowned 
nonviolence experts, representatives from like-minded peace organizations, and 
members of the general public will join IFOR in mourning, celebration, and envisioning the future.