බුදුන් තුන්
වරක් මෙබිමට වැඩි සේක
සුමන සමන් රැක දී කැප කළ සේක
විජය සිහල වරිගෙට
නම දුන් සේක
සිවුර වසාගෙන
රට රජ කළ සේක
මහානාම
මහවිහාර සිංහල මහවංශයයි
සිංහලයින්
බෞද්ධයින් උරුමය ගත් සේසතයි
අතීතයෙන් කරගහ
ගත් මතවාදය කගපතයි
සිංහයාට භාර
දුන්නෙ ඇසල මහේ දවසකයි
කඩු ගාමින් ලේ
සෙල වූ ජන ඝාතන පිටු ගොඩයි
වීර විකුම්
යුද පැරකුම් දම් රසයෙන් පින්බරයි
මෙතේ බුදුන්
ගැමුණු මගේ මුලතිව් සංහාරයයි
සමාධි බුදු රූ නෙත් යුග අනුරපුරේ ගල් ගැහෙයි
දොළොස් මහට
පංසල් යන පසලොස්වක සිංහල සඳ
වෙසක් පොසොන්
සිල් අරගෙන ජූලි මහේ කළුවර සඳ
කඳුළු හදෙහි
හංගාගෙන වලාකුලක හැංගුන සඳ
පායන්නේ
නැගෙනහිරින් නිලාවේලි ලස්සන බිඳ
උදය ආර්.
තෙන්නකෝන්