Diaspora Diary

Thursday, July 10, 2014

ඇසල ජූලි සිංහල සඳ


බුදුන් තුන් වරක් මෙබිමට වැඩි  සේක  
සුමන සමන්  රැක දී කැප කළ  සේක 
විජය සිහල වරිගෙට නම දුන් සේක 
සිවුර වසාගෙන රට රජ කළ සේක

මහානාම මහවිහාර  සිංහල මහවංශයයි
සිංහලයින් බෞද්ධයින් උරුමය ගත් සේසතයි
අතීතයෙන් කරගහ ගත් මතවාදය කගපතයි
සිංහයාට භාර දුන්නෙ ඇසල මහේ දවසකයි

කඩු ගාමින් ලේ සෙල වූ ජන ඝාතන  පිටු ගොඩයි 
වීර විකුම් යුද පැරකුම් දම් රසයෙන් පින්බරයි
මෙතේ බුදුන් ගැමුණු මගේ මුලතිව් සංහාරයයි
 සමාධි බුදු රූ නෙත් යුග අනුරපුරේ ගල් ගැහෙයි

දොළොස් මහට පංසල් යන පසලොස්වක සිංහල සඳ
වෙසක් පොසොන් සිල් අරගෙන ජූලි මහේ කළුවර සඳ
කඳුළු හදෙහි හංගාගෙන වලාකුලක හැංගුන සඳ
පායන්නේ නැගෙනහිරින් නිලාවේලි ලස්සන බිඳ


උදය ආර්. තෙන්නකෝන්

No comments:

Post a Comment

Feel free to comment- කොහොමද කියන්න