
නපුරු බියකරු තිරිසනුන්
වෙද
එලොව මෙලොවේ භූතයින් වෙද
මලක් පොඩිකර තලා
පණ බිඳ
ලොවක් නැත මෙතරම් සසළ හද
විතියා
දුවේ...විතියා නගේ..
විතියා මගේ..
විතියා ඔබේ..
යුධයකින් පසු අස්වැන්න
ලැබුනා
මිනිස්කම් මළ
හිත් හැඟුම් පිරුනා
කුරිරුකම් කුර
ගගා බිම සරනා
මල් කැකුළු
පෙති මිළින වී වැටුනා
විතියා
දුවේ...විතියා නගේ..
විතියා මගේ..
විතියා ඔබේ..
ඉම කොනක් නැති
අනන්තයදෝ
නිදහසක් නැති
තුන් බියක් දෝ
කරටි ගිලිහුණු
තල් අරඹ දෝ
උතුරු හදවත
කඳුළු කොහෙදෝ
විතියා
දුවේ...විතියා නගේ..
විතියා මගේ..
විතියා ඔබේ..
උදය ආර්.
තෙන්නකෝන්





































