පශ්චාත් යුද
අවධිය
වර්ෂ 2009
මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ
පශ්චාත් යුධ අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික ගැටලුවේ ප්‍රමුක පාර්ශවය වූ (එල්ටීටීඊ) දෙමළ විමුක්ති
කොටි සංවිධානය යුධමය වශයෙන්, ලංකා රාජ්‍යෙය් නිල හමුදාව විසින් පරාජයට පත්කොට
විනාශකර දැමීමය. ඉන් අනතුරුව උදා වූ කාලය පශ්චාත් යුද කාලය ලෙස හැඳින්වීම සිදු
වන්නේ යුද්ධයෙන් පසුව වුවද ප්‍රශ්නයට නිසි පිළියමක් නොමැති වීම යන කාරණය නිසාය. එනිසා 2009 මැයි මාසයෙන් පසුව ගෙවුණු හා ගෙවී යන
කාලයට වසරින් වසර එකතු වෙමින් මෙම කාලය පළල්වීම සිදු වීමයි. මෙම ගමනේ දී, ඊට ඇති අර්ථකතනයන්ගේ
හැඩය ද වෙනස් වෙන්නට පටන් ගෙන ඇත. එබැවින්
පශ්චාත් යුද තත්ත්වය තේරුම් ගන්නේ කෙසේද යන්න දේශපාලනයටත්, සමස්ථ සමාජයටත්
අඩු වැඩි වශයෙන් වැදගත් වේ.
තත්ත්වය
තේරුම් ගැනීම පිණිස විවිධ අර්ථකතනයන් හා ප්‍රවේශ ඔස්සේ, ප්‍රශ්නය නියෝජනය කරන හා
ප්‍රශ්නය විග්‍රහකර ගැනීමට උත්සාහ දරන පාර්ශවයන්ගෙන් විවිධ මත ප්‍රකාශවීම සමස්ථ
කාලය තුල දැකිය හැකි වීම කැපී පෙනෙන අතර එය කොතෙක් දුරට හේතුකාරක ප්‍රස්තුතයට සහසම්බන්ධ
දැයි විමසීම කළ හැක්කේ සාකල්‍යවාදී ප්‍රවේශයන්
(Holistic approaches) ඔස්සේ සොයා ගත යුතු
නිර්මාණාත්මක ප්‍රවේශයකිනි. එක් පුද්ගලයෙක් හෝ පාර්ශවයක් කරන ඇගයුම හෝ විවේචනය,
නැතිනම් විග්‍රහය, තව කෙනෙකුගේ දැක්ම නොවිය හැකි අතරම එය අනුමත කිරීම හෝ නොකිරීම ද,
එය වීම හෝ නොවීම ද සිදු වීම, මෙම පළල්වන කාලය තුල විවිධ ස්වරූපයෙන් දැකිය හැකි ය.
පශ්චාත් යුද
අවධියේ කාලානුක්‍රමවේදයට (chronology) අනුව පළමු වසර තුල ප්‍රමුක වූ කාරණා දෙවන වසර
තුල දී අඩු වීමක් හෝ වෙනස් වීමක් ද තුන් වැනි වසර තුල දී තවත් අඩු වීමක් හෝ බාල
වීමක් ද වශයෙන් වර්ෂාණුකූලව විපරිවර්තනීය හැඩයක් ගැනීම මෙම දිග්ගැස්සෙන කාලය තුල දැකිය
හැකි විශේෂත්වයකි. නිදසුනක් ලෙස යුද්ධයේ දී අවතැන් වූවන්ගේ ප්‍රශ්නය, යළි පදිංචි
කිරීම, සරණාගත කඳවුරු පිළිබඳ ප්‍රශ්නය ආදී සාධක වර්ෂාණුකූලව අඩු අගයක් ගනිමින්
පැවතීම පැහැදිලි ලෙසම දක්නට ලැබේ. මෙම ප්‍රශ්නවල ප්‍රමාණාත්මක බව අඩුවෙමින් එම
නිසාම ගුණාත්මක බව අමතක වීම යථාර්ථයක් වී ඇත. මේ පිළිබඳ සොයා බලන හා අවදානය යොමුකරන
එක්සත් ජාතීන්ගේ වාර්තාවන්, යුරෝපා සංගමයේ වාර්තාවන් හා කරනු ලබන ප්‍රශංසාවන්
මෙන්ම පශ්චාත් යුද අවධිය පිළිබඳ ලියැවෙන ලිපි ලේඛන දෙස බැලීමේ දී ද එය පැහැදිලි
වන්නකි.
නව අවධිය
එහෙත් වසරින්
වසර පළල්වන පශ්චාත් යුධ අවධිය නිමා කරමින් “නව අවධියක්“ බවට පරිවර්තනය වීමේ
කාලයක් හෝ ඊට ඉඟි කරන අවකාශයක් නිර්මාණය කිරීමට හෝ වීමට හැකි දේශපාලන හෝ සාමාජීය හෝ
පරිසරයක් ලංකා සමාජය තුල තිබේ ද යන ප්‍රශ්නයට විගලිත නොවූ ගැටලු ගණනාවක් නිසා මෙම
තත්වය තව දුරටත් පළල් වෙමින් ගමන් කිරීම සිදු වේ. මෙහිදී ප්‍රමුක කාරණා අතර
සංහිඳියාව, යුද අපරාධ, දේශපාලනික විසඳුමක් හා වර්ග සංහාරය යන කාරණා දෙමළ ජනයාගේ ආස්ථානයේ සිට වැදගත්ම කාරණා වී ඇත.
එය අනෙක් අතට දකුණේ දේශපාලනයට ද කලාපීය හා
සෙසු ජාත්‍යන්තර අවධානයට ද යොමු වී ඇති ගැටලුවක් වී ඇත.
යුද්ධය අවසාන
කිරීමෙන් පසුව ජයග්‍රාහකයාගේ පැත්තෙන් සාමය උදා වී ඇති බවත් බියෙන් සැකෙන් තොරව
ජීවත් වීමට හැකි පරිසරයක් උදා වී ඇති බව ප්‍රකාශ කිරීමෙන් හා යුද්ධය හා මානව
සංහාරය උත්කර්ෂයට නැංවීමෙන් දකුණේ සමාජය මෝහනයට පත් කිරීමත්, දෙමළ ජනයාගේ නිදහස හා
අයිතිවාසිකම් යන්න රාජපක්ෂ ආණ්ඩුවේ කැමැත්ත යැයි සිතීම තුල දෙමළ ජනයා වෙන් කිරීම, කොන් කිරීම හා ව්‍යුහාත්මක වර්ග සංහාරයකට
අවතීර්ණය වීම යුද්ධයෙන් පසුව දක්නට ඇති යථාර්ථයක් වන්නේය. මෙම තත්ත්වය තුල කතාබහට
හා දේශපාලන ශබ්ධකෝෂයට එක් වී ඇති ප්‍රධානම වචනය වන්නේ සංහිඳියාව නැතිනම් ප්‍රතිසංධානය
යන සංකල්පයයි.
සංහිඳියාව
සංහිඳියාව යන
සංකල්පය සරළ භාවිතාවේ සිට සංකීර්ණ භාවිතාව දක්වා ගමන් කිරීමේ දී එම සංකල්පයේ ඇති
අන්තර්ගතයන් වෙනස් වීමක් හා ඊට අදාල හේතුකාරකය අනුව එහි ඇති සාධකයන් අඩු වැඩි විය
හැකිය. නිදසුනක් ලෙස පුද්ගලයින් අතර ගැටුමක දී ඇති විය යුතු සංහිඳියාවේ ගුණාංග
පවුල් ගැටුමක දී ඇති විය හැකි සංහිඳියාව සඳහා අවශ්‍ය කරන ගුණාංගයන්ගෙන් වෙනස් වන
අතර රාජ්‍යයක් හා රජ්‍යයක් අතර ඇති ගැටුමක
දී ඇති විය යුතු සංහිඳියාව සඳහා අවැසි ගුණාංග ඊටත් වඩා වෙනස් විය හැකිය. ලංකාව
විෂයෙහි මෙම සංකල්පය සම්බන්ධ වනුයේ ජන වාර්ගික ප්‍රශ්න හා යුද්ධය මුල් කරගෙන වන
අතර එය ද යුද්ධයට පෙර, එනම් යුද්ධයක් සිදු වීම වලක්වා ගනිමින් ඇති කර ගත හැකිව තිබුණු
සංහිඳියාවට වඩා යුද්ධයක් සිදු වීමෙන් පසුව ඇති කරගත යුතු සංහිඳියාව සඳහා වන ගුණාංග
සංකීර්ණ හා බොහෝ සෙයින් වෙනස්ය. සංහිඳියාව යන වචනය සංකල්පගත වීම හා නිර්වචනය කිරීම
කර ඇති අකාරය දෙස බැලීමේ දී විවිධ ශබ්ධකෝෂ දී ඇති අර්ථකතනයේ පොදු අර්ථය වන්නේ
“මිත්‍ර
සම්බන්ධතා යළි ප්‍රතිස්ථාපනය කිරීම“ (ඔක්ස්ෆර්ඩ්) යන අර්ථයයි. එය තවදුරටත් න්‍යායිකව
බැලීමේ දී, සංහිඳියාව
යන්න පාර්ශව දෙකක් අතර ඇති ගැටුමකට අවසානයක් දීම සඳහා ඇති ක්‍රියාවලිගත අරමුණකි. ඒ
සඳහා පරසතුරුබව තුරන් කිරීම, වින්දිතයන් සමනය කිරීම හා අපරාධකරුවන් හා වින්දිතයන්
යන දෙපිරිසම පුනුරුත්තාපනය කිරීම ඇතුලත්
වේ (ගල්තුන් 1998). මෙම ක්‍රියාවලිය රාජ්‍ය හා රාජ්‍ය ක්‍රියාත්මක කරන ආණ්ඩු හෝ
ආණ්ඩුව හා සම්බන්ධකමක් ඇති අතර එය කළ හැකි වන්නේ තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම
තුලිනි. යුද්ධයෙන් පසුව ගත වූ වසර පහ දෙස බැලීමේ දී ලංකා රාජ්‍ය ක්‍රියාකරන ආකාරය
හා තුන්වැනි පාර්ශ්වයකට (දේශීය හෝ ජාත්‍යන්තර) මැදිහත් වීමේ ශක්‍යතාව හා ඊට ඇති
පිළි ගැනීම අතිශය ගැටලු සහගත වීම තේරුම් ගතහොත්, සංහිඳියාව සඳහා ඇති විකල්ප ශක්‍යතාවන්
මොනවාද යන්න පිළිබඳ කල්පනා කිරීම වැදගත් වේ.
ගැටුම් න්‍යායේ
දී සංහිඳියාව යන්න සාමය අත් කර ගැනීමට ඇති පිවිසුම් දොරටුවක් ලෙස සැලකිය හැකි අතර
එය දීර්ඝ කැපකිරීම් සහිත ක්‍රියාවලියක් වන්නේය. ගැටුම් අධ්‍යයනය හා සාමය පිළිබඳ
පර්යේෂණ කරන්නා වූ ප්‍රමුක පෙළේ විද්වතෙකු වන්නා වූ යොහාන් ගල්තුන් විසින් සංහිඳියාවකට
පැමිණිම සඳහා නිර්මාණාත්මක මාරග 12ක් පෙන්වා දෙමින් ගැටුම නිමාවට පත්කර ගතහැකි
ආකාරය පෙන්වා දෙනු ඇත. එහෙත් සංහිඳියාව යන සංකල්පය දේශපාලනික සංහිඳියාවක් බවට පත්
වීමේ දී න්‍යායගත කරන තරමටම පහසු නොවන්නා සේම, ලෝක උදාහරණ හා ආදේශ කිරීම් ද ඒ
අයුරින්ම අදාල සන්දර්භයට ගැලපේ ද යන්න කාලය අවකාශය, යුද්ධයක ස්වභාවය, සංස්කෘතින්,
දේශපාලන බලය, දෘෂ්ටිවාද ආදී සමස්ථය මත තීරණය වන්නකි.
මහින්ද
රාජපක්ෂ රජය හා සංහිඳියාව
වර්තමාන
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුකරණය ඇති ලංකා රාජ්‍ය, පශ්චාත් යුද සංහිඳියාව කෙරෙහි දක්වන නැමියාව එම රාජ්‍ය විසින්ම පත් කළ
සංහිඳියා කොමිසමට අත්වී ඇති ගැටලුකාරී තත්ත්වය දෙස බැලීමෙන් පැහැදිලි වන එක දෙයක්
වන්නේ සංහිඳියාව යන්න “ අපි කියන විදිහට ඉඳපල්ලා, අපි කියන විදිහට කරපල්ලා“ යන
පිළිවෙතය. මේ නිසා නියම සංහිඳියාවක් උදෙසා රාජ්‍ය වෙත විශ්වාසය තැබීම හෝ එක්ව
කටයුතු කිරීම යන්න සංහිඳියාව සඳහා ඇති අවකාශයකට වඩා එය සමීප වන්නේ කෘත්‍යවාදී
පැවැත්මකට හා දේශපාලනික බල ක්‍රීඩාවකටය.
සෑම වසරකම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් කරන බලපෑම රාජ්‍ය වෙත එල්ල වුවද එය
නියම සංහිඳියාවේ යථාර්ථයක් නොවී ව්‍යුහාත්මක කෘත්‍යවාදයක් බවට පත්ව ඇත. ඒ තුල
කාලාපීය හා ජාත්‍යන්තර බල දේශපාලනික අභිලාෂ මානව හිමිකම් සන්දර්භය තුලට එතී ක්‍රියාත්මක
වීම සියළු පාර්ශවයන්ගේ හැසිරීම් අනුව පෙනෙන කරුණකි. සරළ අර්ථයෙන් ගත හොත්
සංහිඳියාව බල දේශපාලනික වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගෙන ඊට සම්බන්ධ කොටස් තම තම
පැවැත්මේ දේශපාලනය හා ක්‍රීඩාව කර ගැනීම පිණිස කර ගෙන යන ව්‍යුහාත්මක පැවැත්මක
දිගුවකි. මෙම කෘත්‍යවාදී බව තේරුම් ගැනීම සඳහා ජිනීවාහි වාර්ෂිකව වන සිදුවීම්වල ස්වභාවය සංක්ෂිප්තව හඳුනා ගැනීමෙන් කෘත්‍යවාදී
බව වටහා ගත හැකිය.
ජිනීවා
සිනාරියෝව
වසරකට
තුන්වරක් රැස්වන මානව හිමිකම් කවුන්සිල සමුළුවේ මාර්තු සැසිය ලංකාවට වැදගත් වේ. මානව
හිමිකම් සුරක්ෂිත කිරීම හා සංහිඳයාව උදෙසා නියෝජනය කරන පිරිස්වල හැසිරීම හා බලපෑම
හේතුකාරක විෂයයට කොපමණ දායක වේද. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරමින් එන දූත
පිරිස හා ඊට සහාය දෙන මාධ්‍ය ජාලයන් ද, මානව හිමිකම් ක්ෂෙත්‍රෙය් ක්‍රියාකාරී
පිරිස් ද කැටුව එන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්ගෙන් යුක්ත විවිධ කොටස් ද,
ජිනීවා සිට තොරතුරු වාර්තා කරන ජනමාධ්‍යෙව්දීන්ද, දමිළ ඩයස්පෝරාව නියෝජනය කරන දමිළ
සංවිධාන හා පුද්ගලයින් ද ඇතුලු සෙසු පිරිස එකතුව ලෝකයට හා ලංකාවට ඉදිරිපත් කරන
පණිවිඩයේ අර්ථය සංහිඳියාව සඳහා ගැට ගැසෙන සීමාව කොතැනක දැයි කිව හැක්කේ කා හට ද.
පුද්ගලයන් හා සංවිධාන තමන් කරන කියන දෙයින් ස්වං තෘප්තියක් බුක්ති විඳිමින් ආපසු
තමන්ගේ සුපුරුදු වැඩ රටාවට ගමන් කරනු ඇත.රැකියාවක්
ලෙස මානව හිමිකම් සම්බන්ධව වැඩ කරන්නන් ඊ ලඟ වර්ෂය සඳහා සූදානම් වෙති. සමහරුන්
පැවැත්ම සඳහා සාවද්‍ය තොරතුරු සපයමින් සමාජය ද තමන් ද රවටවා ගනිති. මෙම හැසිරීම්
තුලින් සෘජුව හා වක්‍රව බල කර සිටින්නේ පවත්නා ආණුඩුකරණයේ හා දේශපාලනික බල
චර්යාවේ අඩු පාඩු නිවැරදි කර ගැනීම
පිණිස උපදෙස් සපයන පුද්ගලයන් බවට පත් වීමය.
විවේචනාත්මක පුද්ගලයන් හා කණ්ඩායම් විසින් ඇත්ත වශයෙන්ම කරනු ලබන්නේ රාජ්‍ය යහපත්
කර ගැනීම සඳහා කරන පාර්ශවීය හා කෘත්‍යවාදී කාර්යයකි. නමුත් ඔවුන්ව රාජ්‍යෙය්
සතුරන් ලෙස එහි මතවාදී යාන්ත්‍රණය විසින් හැඳින්වීම සිදුකිරීම නිසා ඔවුන්ගේ සේවාව
වෙනත් ආණ්ඩුවක බලාපොරොත්තුව වෙත විස්ථාපනය වීමය. මෙම ක්‍රියාදාමය මිනිස් ශරීරයක
අවයව මෙන් කෘත්‍යවාදීය. පුද්ගල හා දේශපාලනික දෘෂ්ටිවාදයන් අනුව සතුරා මිතුරා හෝ
මධ්‍යස්ථයා යන්න වෙන් කරනු ලැබුව ද මෙම හැම ක්‍රියාවකම ඇති ප්‍රතික්‍රියාව රාජ්‍ය
ප්‍රතිසංස්කරණය හා අදාලය. එය සුභ අසුභ හොඳ කරක යන්න තීරණය වීම ද එකිනෙකාට
සාපේක්ෂකය.
මෙතෙක් ගත වූ
වසර පහ තුල දී සිදු වූ වෙනස්කම් හේතුවෙන් රාජපක්ෂට ආවාසිදායක යැයි තර්ක කළ හැකි
වුවත් සංහිඳියාව යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමේ දී ජිනීවා සිනාරියෝව කර ඇති බලපෑම
කුමක්දැයි ප්‍රශ්න කළ යුත්තේ පශ්චාත් යුද අවධියේ ඇති ප්‍රමුක කාරණා උදෙසා ඇති වී
ඇති ප්‍රතිපල මොනවාදැයි කල්පනා කර බැලීමෙනි. එනම් තවමත් තීරකයා බවට පත්ව ඇත්තේ
රාජපක්ෂ ආණ්ඩුවය. මේ සියල්ල කෘත්‍යවාදී යැයි පැවසීමේ තර්කය වන්නේ ජිනීවා සිනාරියෝව
තුල ක්‍රියා කරන සමස්ථයේ පරමාර්ථය රාජ්‍ය ප්‍රතිසංස්කරණය වෙමින් හෝ නිවැරදි වෙමින්
දෙමළ ජනයාට සාධාරණයක් අපේක්ෂා කිරීමය. ජාත්‍යන්තර ප්‍රජාව මූලික වූ එක්සත්
ජාතීන්ගේ ද අභිලාෂය වන්නේ එයමය. එහෙත් මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, මෙවැනි
අත්නෝමතික රාජ්‍යයක් මඟින් සංහිඳියාවේ ඇති නියම අර්ථය කෙසේ වුව ද සාපේක්ෂ අර්තයකටවත්
ලඟා වීමට ඉඩක් ඇති බව මෙම ගෙවී ගිය වසර පහ තුල දී පෙන්නුම්කර ඇති ද යන්න ය. මෙම
කාලය තුල අඩුවැඩි වශයෙන් කෘත්‍යවාදී ලෙස යම් ප්‍රතිසංස්කරණ සිදු වී ඇත. රාජ්‍ය
පැත්තෙන් තමන්ගේ වාසියට හේතු ඉදිරිපත් කිරීම පිණිස පශ්චාත් යුද කාලයේ සිදු කළ යුතු
ඇතැම් කටයුතු ඉටුකර ඇති බව ද රාජ්‍යයට ප්‍රතිපක්ෂ පිරිස් විසින් කරන ලද බලපෑම නිසා
යම් යම් දේ සිදු වී ඇතැයි යන තර්කය සාපේක්ෂකව සත්‍ය වුව ද අපේක්ෂා කරන දේශපාලනික සංහිඳියාවේ
ආරම්භයටවත් පැමිණ ඇත්දැයි සිතිය හැකි වැඩ රටාවක් තිබේද යන්න ඉදිරියට ද ඇති ප්‍රශ්නයකි.
මෙම තත්තවය
රාජ්‍යෙය් හා එහි දෘෂ්ටිවාදයේ ඇති හේතුකාරක ගැටලුවක් හා දේශපාලන ව්‍යුහයන්ගේ ඇති
අසමත්කමක් ලෙස පෙනෙන්නේ රාජ්‍ය හා සිංහල බෞද්ධ බහුතරය විසින් යුද්ධය සාධාරණ
සිදුවීමක් ලෙස අර්තකතනය කර ගැනීම නිසාය. එම නිසා සංහිඳියාවක් සඳහා වන මූලධාර්මික
අංගයන් සඳහා පිළිගැනීමක් කොහෙත්ම රාජ්‍ය පාර්ශවයෙන් අපේක්ෂා කළ නොහැකිය. ජනාධිපති
රාජපක්ෂ නිරන්තරයෙන්ම කරන කතාවලදී මතු කරන “රට බේරාදුන් රණ විරුවන් පාවල
දෙන්න සූදානම් නැත“ “ අපි දැන් මේ රටේ සාමය ඇති කරල තියෙනව, ඒක
වෙනස් කරන්න හදන කුමණ්ත්‍රණකාරයන්ට අපි ඉඩ දෙන්නෙ නෑ“ වැනි ප්‍රකාශන්
තුලත් ජාතිවාදී සිවිල් සංවිධාන විසින් කරන හඬ නැඟීමත් මගින් පෙන්නුම් කරන්නේ එම
යථාරථය වේ. එනම් සංඳියාව සඳාහා මිත්‍ර සම්බන්ධතා ප්‍රතිස්ථාපනය කිරීමට සුදානමක්
නැති බවය. යුද්ධයක් සිදු වී ඇතත්, අපරාධයන් සිදු වී ඇතැත්, අපරාධකරුවන් නැත. ඇත්තේ
විරුවන් හා ජයග්‍රාහකයින්ය. මේ අනුව සංහිඳියාවේ වැදගත් සියලුම සාධක විස්තාපනය වී
ඇත්තේ අහිමි වූවන්ගේ ගොඩටය. ඒ අනුව අපරාධකරුත් වින්දිතයාත් යන දෙපිරිසම එක
පාර්ශවයකට නිර්වචනය වී ඇත. වින්දිතයන්ම අපරාධකරුවන්ය. ඒ අනුව ප්‍රශ්නයේ හේතුකාරකය වී
ඇත්තේ ද දෙමළ ජනයා ය. විනාශකාරකය ද දෙමළ ජනයාය. අනෙක් අතට සාමයේ පරෙවියා ඇත්තේ
ජයග්‍රාහකයාගේ අතේ බැවින් සංහිඳියාව හා සාමය ඇති විය යුත්තේ ඔහුට අනුවය. දෙවියන්ගේ
කැමැත්තට අනුව මෙන්ය. මේ මඟින් වක්‍රව, අවිඥ්ඥාණිකව හා සංකේතීයව දකුණේ ආණ්ඩුව
විසින් සලකමින් ඇත්තේ උතුර යන්න වෙනම අරාජික රාජ්‍යයක් යන යථාර්ථය නොවේ දැයි සිතා
බැලීමටය.
එසේම රාජ්‍ය
පාර්ශවයෙන් සංහිඳයාවක් නියම ලෙස සිදුවීමට නම් තුන්වැනි පාර්ශවයක විනිශ්චය
අපක්ෂපාතීව ඇති විය යුතු අතර යුද්ධයේ සිදු වූ අගතීන් සඳහා යුක්තිය ඉටුවිය යුතුය.
යුක්තිය ඉටුවීම යන කාරණයේ දී, සිදු වී ඇති යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ දේශීය
හෝ ජාත්‍යන්තර නීතියට අනුව නිර්වචනය වෙමින් ඒ සඳහා සාධාරණ පරීක්ෂණයකට අවතීර්ණ විය
යුතුය. සාමාන්‍යෙයන් ඓතිහාසික අත්දැකීම්වල ස්වභාවයට අනුව බලයේ සිටින කිසිදු පුද්ගලයෙක් හෝ රාජ්‍යක් හෝ හමුදාවක්
තමන් අපරාධ කළ බව පිළි ගන්නේ නැත. ලංකාව සම්බන්ධයෙන් ද එය නිවැරදි වන අතර එහි ඇති
විශේෂත්වය වන්නේ සමාජය ද අනෙක් බොහෝ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන් ද එය නො
පිළිගැනීමය. මේ නිසා පශ්චාත් යුද අවධිය නව අවදියක් කිරීම පිණිස සමාජ සංහිඳයාවක් හා
දේශපාලනික සංහිඳියාවක් සඳහා වූ නව ප්‍රෙව්ශයකට ලංකා සමාජය අවතීර්ණ විය යුතුය.මෙම
ප්‍රවේශය ප්‍රවාහ දෙකකට වාස්තවික තත්ත්වයන් යටතේ වර්ග කළ හැකිය.
1.
විකල්ප ප්‍රවේශය
2.
නිර්මාණාත්මක විකල්ප
ප්‍රෙව්ශය
දවසින් දවස රාජපක්ෂ පාලනය විසින් සිදු කරන
පශ්චාත් යුද මර්ධන ක්‍රියාවන් හා දෙමළ ජනයාගේ නිදහසට ඇති අයිතිය උල්ලංඝණය කරමින් ද
දකුණු සමාජය ප්‍රමුක සමස්ථ සමාජය වෙත ඇති කරන පීඩනයෙන් කියා පාන්නේ හා අවකාශය
සපයන්නේ විකල්ප දේශපාලනයකටය.එය වනාහී ආණ්ඩුකරණය වෙනසකටය. පවත්නා තත්ත්වයේ වෙනසකටය.
වර්තමානයේ දී ප්‍රබල විපක්ෂයක් නැති තැන පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතිකාව ඇති වන්නේ
ද මෙම සන්දර්භය තුලය. එම ඇති විය හැකි වෙනස වනාහී පවත්නා රාජ්‍යට ආණ්ඩුවක් එක්වීම
වන අතර එහි යම් වෙනස් කම් ඇති වන්නට ඇති හැකියාවක් පෙන්නුම් කළ ද රාජ්‍යයේ දෘෂ්ටිවාදය සුසමාදර්ශී වෙනසක් ගෙන
දීමට අවශ්‍ය යාණ්ත්‍රණයක් නිර්මාණය විය හැකි ද යන්න පිළිබඳව ඇත්තේ සාංකාවකි. එහෙත්
මෙම විකල්ප ප්‍රවේශය ද සමාජ වෙනසක් ඇති කරන බැවින්, පවත්නා තත්ත්වයට වඩා අවකාශයක්
සමාජය තුලට ගෙන ඒමට සිදුවනු ඇත. එය එසේ උවද විකල්ප යන වචනය යොදන තරම් සරළ නොවන සමාජ
තත්ත්වයකදී, පශ්චාත් යුද සංහිඳියාවේ සාධාරණ අර්ථය බුක්ති විඳීමට දකුණේ බහුතර
ජනකායක් නියෝජනය කරන සිංහල දේශපාලනයේ විකල්පය සොයන්නන් අතර දේශපාලනික සංහිඳියාවක්
ද ඇති නොවීමෙන් කිසිවිටක මෙය සිදු නොවනු ඇත. මෙහිදී වින්දිත පාර්ශවයේ දේශපාලනය,
එනම් උතුරේ දේශපාලනය හැම අතින්ම තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. එහෙත් දකුණේ
දේශපාලනය මෙන්ම උතුරේ දේශපාලනය උතුරට අනුව සංහිඳියාවකට නොපැමිණීම හා එම දේශපාලනය
දියස්පෝරා දේශපාලනයට ගැට ගැසී තිබීම යන සංකීර්ණ සාධක ද වැදගත් කමක් ගනු ඇති අතර
එහි ව්‍යුහාත්මක ස්වභාවය සාකච්ඡා කිරීම මෙම ලිපියේ දීර්ඝත්වය සලකමින් සම්බන්ධ
නොකරමි. එහෙත් බහුතරයක් වූ සිංහල සමාජය වෙත කේන්ද්‍ර වෙමින් ප්‍රශ්නය විග්‍රහ වීමේ
දී සාක්ච්ඡා කරන කාරණා දෙමළ සමාජයට හෝ එල්ටීටීයට ආදාල නැත්දැයි යන්න යමෙකුට සිතිය
හැකිය. නමුත් සංහිඳියාව හා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි වගකීම ඇත්තේ සිංහල
දේශපාලනයට බැවින්, මෙහි අවධානය යොමු වන්නේ ඒ වෙතය.
සාමාජ
සංහිඳියාව සහ විකල්ප ප්‍රවේශය
සමාජ
සංහිඳියාව ඇති කිරීම යන්නම දේශපාලනික ක්‍රියාවලියක් වන බැවින් ධ්‍රැවීය වී ඇති
සමාජයේ දෘෂ්ටිවාදය සමාජ සංහිඳියාවක් ඇති කිරීම පිණිස වෙනස් කළ යුතුය. එනම් ගොඩ
නංවා ඇති දෘෂ්ටිවාදී පසමිතුරු සබඳතාවයන් හා සිංහල බෞද්ධ දෘෂ්ටිය වටා භ්‍රමණය වන්නා
වූ සිංහල සුළු ජාතික මානසික සංකීර්ණත්වය(Minority
complex) වෙනස් කළ හැකි (“සම්මත රාජ්‍ය“
නොවන එහෙත් නව රාජ්‍යක් සඳහා වන) විකල්ප
දේශපාලනික වෙනසක් සඳහා වූ සංහිඳියාවක් සඳහා යොමු වීමෙන් දෙමළ ජනයාගේ මෙන්ම සිංහල
ජනයාගේ සැබෑ ප්‍රශ්නයට විසඳුම සොයාගත හැකිවනු ඇත.
එවිට මෙම
විකල්ප දේශපාලනය යනු කුමක් ද යන ප්‍රශ්නය මතු වන අතර දැනට ලංකා දේශපාලනයේ නියුතු
විකල්ප දේශපාලනික බලවේගය මේ සඳහා යෝජනා වන්නේ ද යන ප්‍රශ්නය නැවත ක්ෂුද්‍ර සමාජය
විසින් ඇසීමේ දී පෙරළා අචාර ධාර්මික සන්ධිස්ථානයක දී නතර වනු ඇත. මෙහිදී මැතිවරණ
දේශපාලනයේ නියුතු විපක්ෂයට අයත් දේශපාලනික කණ්ඩායම් හා මැතිවරණ දේශපාලනයෙන් පිටත
සිටින දේශපාලන බලවේග විකල්ප දහරාවට ගෙන දේශපාලනික වෙනස සහ සංහිඳියාව යන සංකල්පය
අදේශ කළහොත් මෙම දහරාවන්ගෙන් කුමන බලවේගයන් ද රාජ්‍ය දෘෂ්ටිවාදයෙන් වෙනස් වන්නේ යන
විමසුම කළ යුතුය.
එජාපය සහ ජවිපෙය
(UNP and JVP)
එක්සත් ජාතික
පක්ෂය, එහි දේශපාලන ප්‍රතිපත්ති හා වර්තමාන භාවිතාවට අනුව සමාජ වෙනසකට හා
සංහිඳියාවට ඇති ඉඩ කඩ ගණනය වන්නේ ද පංති හා බල දේශපාලනික උවමනාව මත වීම එහි
නායකත්වය විසින් යුද්ධය සම්බන්ධ දරන ආකල්පය හා සංහිඳියාවේ අත්‍යන්ත සාධක වන යුද
අපරාධ හා වර්ග සංහාරය යන කාරණා නිර්වචනය කරගෙන තිබෙන තරම අනුව අවබෝධ වනු ඇත. රනිල්
වික්‍රමසිංහ තම දේශපාලනික වාසිය පිණිස රාජපක්ව පරායා යෑමටත්, සිංහල බෞද්ධ බහුතර
ජාතිවාදී විඥ්ඥාණය නැමැති තුවාලය නොපෑරවීම පිණිස කරන දේශනය වන්නේ ඔහු නිසා රාජපක්ෂ යුද අපරාධවලට වැරදි
කරුවෙකු නොවන බව හා එවැන්නක් ඇති වීමට ඉඩ නොතබන බවය. එහි සත්‍ය හා යථාර්ථවාදී බව
කුමක් වුවද සංහිඳියාව සඳහා එම එළැඹුම තුලින් සිදු වන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය
වෙනත් වටයකින් දිග්ගැස්සීම මිස මිත්‍ර සම්බන්ධයක් ගොඩ නැගීම නොවන බවය. අනෙක් අතට
යුද්ධය සඳහා රාජපක්ෂ පාලනයට අනුපමේය සහායක් ලබාදුන් ජවිපය නව වටයකින් ලංකා සමාජය
තුල ආමන්ත්‍රණය කරන දේශපාලනය දෙමළ ප්‍රශ්නයට කවුළුවක් විවර වේද යන්න තීරණය කිරීම
රට අභ්‍යන්තරික සාධක පමණක් නොව භාහිර සාධක ද දෙස දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.
මෙහිදී සාපේක්ෂකව එක්සත් ජාතික පක්ෂයට වඩා දේශපාලනික හා අචාරධාර්මික ගැටලුවක්
ජවිපය හමුවේ ඇති අතර එය සංහිඳියා සංකල්පය හා ගැලපීමේ දී, එයට පෑහිමට ජවිපය සමත් වී
ද යන කාරණය තුල මේ දක්වා අසමත්ය.
යුද්ධය
සම්බන්ධ කාරණයේ දී රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ජවිපය ද අපරාධකරුවන්ය. ආණ්ඩුවෙන්
ගැලවීමෙන් හෝ නව දේශපාලනික ප්‍රවේශයක් පෙන්වීමෙන් පමණක් එය සෑහෙන්නේ ද යන ගැටලුව
ඉස්මත්තට පැමිණෙයි. එසේම සංහිඳියාව යන ක්‍රියාවලිය අතීතය සමඟ ඇති සම්බන්ධයක් වන
බැවින් එම වරදකාරිත්වයෙන් ගැලවීම දේශපාලන ක්‍රියා මාර්ග තෝරන තරමට ලේසි පහසු නොවනු
ඇත. එනිසා සංහිඳියා සංකල්පීය අර්ථයට ගැට
ගැසීමේ දී‍්, ජවිපයට සැබෑ ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය දෙස හා පශ්චාත් යුද අවධිය වෙනස්
කිරීමට අවැසි නම් කළ යුත්තේ මුලින්ම තමා විසින් සිදු කළ ඒකාබද්ධ ක්‍රියාව
වැරැදද්ක් ලෙස පිළි ගිනිමින් දෙමළ ජනයාගෙන් සමාව ඇයැදීමය. අවම වශයෙන් සැලකුවහොත්
පන්තිමය වශයෙන් පීඩිත දෙමළ ජනයාගෙන් සමාව අයැදීමය. සමාව ඇයැදීම හා සමාව දීම
සංහිඳියාවේ ඇති සිද්ධාන්තයක් වන බැවින්, එය සිදු වන්නේ නම් ඉදිරිය නිර්මාණය කර
ගැනීම සඳහා කවුළුව විවර වනු ඇත. එහෙත් එහි ඇත්තේ ද විරුද්ධාභාෂයක් යන්න පැහැදිලි
වන්නේ මෑතක දී නව නායකත්වයට පත් අනුර කැමාර දිසානායක රූපවාහිනී සංවාදයක දී, තමන්
යුද්ධය සම්බන්ධයෙන් සිටි ආස්ථානය නිවැරදි බව තහවුරු කිරීමය. (ත්‍රිමාන Thrimam TV) ඉදිරි අනාගතයක දී
පවත්නා තත්තවයන් අනුව තම මතයන් වෙනස විය හැකි පසුබිමක් නිර්මාණය වුවද සමගාමීව ඉදිරියට ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ යුධ
අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරය යන කේන්ද්‍රීය ගැටළු සම්බන්ධයෙන්
පැහැදිලි ස්ථාවරයකට පැමිණීමය. එනම් එය පිළි ගැනීමය. එපමණකින් නොනැවතී සුළුතර
ජනයාගේ ආරක්ෂාව හා ඊට එහා ගිය අනන්‍යතාව හා ස්වාධිපත්‍යෙය් අභිලාෂයන් පුළුල්ව
තේරුම් ගෙන ක්‍රියාකාරී විශ්වාසයක් ඇති කිරීමය.
දේශපාලන
සංහිඳියාව පිළිබඳ කතා කරන ඇන්ඩ්‍රෘ ෂාප් පවසන පරිදි දේශපාලන සංහිඳියාව යන්න
පිළිගැනීමෙන් ඔබ්බට ගමන් කරන ක්‍රියාවලියක් බැවින් ඔහුගේ යෝජනාව වන්නේ Hannah Arendt හනා ආරන්ඩ්ගේ ethics of Worldliness(ලෞකිකත්වයේ
අචාර ධර්ම) සංකල්පය සංහිඳියාව සම්බන්ධයෙන්
න්‍යාය ගත කිරීමෙනි.දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙය වැදගත් වන්නේ පශ්චාත්
යුද අවධියේ දී ලාංකීය දෙමළ ජනයාගේ අභිලාෂයන් යනු භූම්ය තුල වෙසෙන්නන් පමණක් නොව
භූමියෙන් පිටත විසිරී සිටින්නන්ගේ අභිලාෂයන් සඳහා ද වටිනාකමක් ඇති නිසාවෙනි. නිහඬ
කළ දේශපාලනික සිර ගෙයක ජීවත් වන ලාංකික දෙමළ ජනයාගේ සහයෝගය පිණිස ඇති හඬ වන්නේ ද
මෙම විදේස්ගත ප්‍රජාවය. එය දේශපාලනයෙන් පමණක් නොව ආර්ථිකය විසින් ද යථාර්ථයක් කර
ඇත. එය භූමියේ ස්වාධිපත්‍යය පුළුල් කර පාරමය තත්ත්වයකට පත් කර ඇත.එම අභිලාෂයන්
පංතියමය ප්‍රශ්නයකට පමණත් පටු කිරීමෙන් වක්‍රව සිදු වනු ඇත්තේ ද මර්ධනකාරී රාජ්‍යයට
සහයෝගය දැක්වීමය.
නිර්මාණාත්මක විකල්ප ප්‍රවේශය
විකල්ප ප්‍රවේශයේ
ඇති විය හැකි අසමත්කම හා සීමාකම හේතුවෙන් ද රාජ්‍ය ප්‍රතිසංස්කරණයට ලක් කරමින්
යහපාලනයක් ගෙන ඒමට ඇති සීමාව විසින් ඇති කරන ප්‍රතිවිරෝදයන් හේතුවෙන් ද සමාජය
දාර්ශනිකව විග්‍රහ කරගන්නා ස්වභාවය අනුව ද, නිර්මාණාත්මක විකල්ප ප්‍රවේශය ඇති විය
යුත්තේ විප්ලවීය අර්ථයෙනි. එනම් සම්භාව්‍ය මර්ධනකාරී ධනේෂ්වර රාජ්‍ය වෙනුවට බහුතර
පීඩිතයින්ගේ නව රාජ්‍ය බිහි කිරීම සඳහා ඇති ප්‍රවේශයක් ඔස්සේය. මෙම වර්ග
කිරීම සිදු විය හැක්කේ ලංකා දේශපාලනයේ
බලවේග සිතියම්ගත වී ඇති ආකාරය අනුවය. මෙහි දාර්ශනික පදනම මාක්ස්වාදය හා සමාජවාදී
පාලන ක්‍රමයක් වන බැවින් පවත්නා ව්‍යුහයන් තුල දේශපාලනය තේරීම විකල්ප දේශපාලනික
ධහරාවට වඩා වෙනස්ය. වියුක්තව ගත් කල සංහිඳියාව යන සංකල්පය තුලම පවා ඇත්තේ ප්‍රතිවිරෝධයකි.
එනම් මාක්ස්වාදයට අනුව සංහිඳියාවක් ඇති වීම යනු විනාශ කළ යුතු රාජ්‍ය පවත්වාගෙන
යෑමකි. මේ නිසාම මහින්ද රාජපක්ෂ රජ්‍යයට විවේචන ගෙන ආවද මහින්ද රාජපක්ෂම තව දුරටත්
බලයේ රැඳී සිටීම උපාය මාර්ගික දේශපාලනයක් වී ඇත. එක් අතකින් තමන්ට දේශපාලනික
ශක්කියක් හා සමාජය වෙනස් කළ හැකි වාස්තවික හැකියාවක් නැති නිසා, එම අවස්ථාව උදාවෙන
තෙක් පවත්නා සමාජය කුණු වීම, පීඩිතයාටම උපකාරයක් යැයි සිතීමයි. මෙම චින්තනය ලාංකීය
සන්දර්භට කොපමණ ගැලපේද යන්න ගැඹුරින් හිතා බැලිය යුත්තකි. එහි දේශපාලනික වාසිය
උරගා බැලිය හැකිවන්නේ සැකසෙන දේශපාලන පරිසරය විසින් හා නිර්මාණාත්මක විකල්පය අනුව
මිස, ස්ථිතික දේශපාලන ස්ථාවරයන් අනුව නොවන බව අවධාරණය කළ යුතුය.
මාක්ස්වාදී
දේශපාලන දර්ශනයට අනුව සංහිඳියාව පිළිබඳ සංකල්පයට දේශපාලනික අදහසක් එක් වීමේ ආරම්බක
අවස්ථාවක් ලෙස 1848/ 49 කාලය හැඳින්විය හැකිය. එනම් පෘසියානු විප්ලවය ප්‍රතික්ෂේප
කරමින් ඒ පිළිබඳ ඇති වූ මත ගැටුමය.රාජාණ්ඩුව හා ලිබරල් ධනපති පංතියේ ප්‍රධාන බලවේග
අතර ඇති වූ සම්මුතිය ය.මෙහිදී රජු විසින් ඉදිරිපත් කරන ලද සංහිඳියාව පිළිබඳ
අදහසෙහි අරමුණ වූයේ පවත්නා අර්ධ වැඩවසම් රෙජීමය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් බවට
පරිවර්තනය කිරීමය. එම සංහිඳියාව පිළිබඳ අදහස අවසානයේ දී අසාර්ථක වු අතර එම න්‍යායික
අදහසට විවේචනාත්මක ප්‍රතිචාර පෘසියාව තුලත්, බර්ලින් ව්‍යවස්ථාදායක මණ්ඩලය තුලත්
පැන නගින්නට විය. ඒ අනුව සංහිඳියාව පිළිබඳ අදහස “ ජීවිතයෙන් විගලිතවීමක්“
ලෙසද “අප්‍රයෝගික“ කාර්‍යයක් ලෙස මාක්ස්
සහ එංගල්ස් විසින් විග්‍රහ කරන්නට විය.(Hofmann.
2004)
එසේම ලෙනින්
සිය රජය හා විප්ලවය යන කෘතියෙහි මාක්ස් සහ එංගල්සව උපුටා දක්වමින් ද ඔහුගේ ස්වකීය
අදහස්වලින් ද කියනු ලබන්නේ රාජ්‍යයට එහි ඇති පංති පරසතුරුවබ නිසාම සංහිඳියාව
පිළිබඳ කතා කිරීම අප්‍රයෝගික බවය. 1917 විප්ලවයේ දී රාජ්‍යෙය් වැදගත්කම හා
කාර්යභාරය පිළිබඳ ක්ෂණික ප්‍රායෝගික අවශ්‍යතාවක වැදගත්කම පැන නැගුණු අතර සියලුම
සමාජ විප්ලවවාදීන් හා මෙන්ෂේවික්වාදීන් එක්වරම සුළු ධනේෂ්වර න්‍යායයන් වෙත පල්ලම්
බසිමින් “රාජ්‍යයට“ පංතීන්ගේ සංහිඳියාව ඇති කළ හැකි බව පිළිබඳ මත ප්‍රකාශ කළ
ඔවුන්ව විවේචනය කරමින් ලෙනින් විස්තර කරමින් කියනු ලබන්නේ සංහිඳියාව යන්න රාජ්‍ය
හා පෑහෙන්නේ නැති බවය. (ලෙනින්)
නිර්මාණාත්මක
විකල්ප ප්‍රවේශය මාක්ස්වාදය පදනම් කරගෙන පශ්චාත් යුධ අවධිය නව අවධියකට පරිවර්තනය
කිරීමේ විප්ලවීය කාර්යයට පිවිසෙන්නේ නම් සංහිඳියාව යන්න සම්මත රාජ්‍යෙයන් පිටතට
ගෙන වටහා ගැනීමේ හා ක්‍රියාකිරීමේ වගකීමක් පැවරී ඇත. පංති අතර සංහිඳියාව හා වාර්ගික
ගැටලුව පදනම් වූ සංහිඳියාව යන්න අතරේ ඇති වෙනස දේශපාලනිකව අවබෝධකර ගනිමින් පශ්චාත්
යුද අවධිය තේරුම්ගත යුත්තකි. සමාජයේ සංහිඳියාව විනාශ කළ මාර්ධනකාරී රාජ්‍යය මෙන්ම
එහි මර්ධනකාරී සංස්කෘතිය හා මතවාදී යාන්ත්‍රණය වාර්ගික යුද්ධයට ගැට ගැසී ඇති
ස්වභාවය හා මානව වර්ගයාට එරෙහිව කළ අපරාධ පිළිබඳ දේශපාලනික ස්ථාවරයකට පැමිණිය යුතු
අතර යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව දෙමළ ජන වර්ගය සම්බන්ධයෙන් සිදුවන ව්‍යුහාත්මක වර්ග
සංහාරය සිය භූමිය, අනන්‍යතාව, ගෞරය, ආරක්ෂාව හා අයිතිය යන සාධක දෙමළ හද හැස්මේ
නාඩියෙන් බැලිය යුතුය.
ව්‍යුහාත්මක
වර්ග සංහාරය (Structural
Genocide)
ජාතික ප්‍රශ්නය
හා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් කතා කරන බොහෝ දෙනා තවමත් පිළිගැනීමකට මැලිවන මාතෘකාව
වන්නේ වර්ග සංහාරය යන කාරණය ලංකාවට අදාල ද යන්නය. සමහරුන් එම අභියෝගාත්මක කාරණය
ඊලාම් මතවාදයට (එල්ටීටීයට) සම්බන්ධ පිරිස් විසින් මතු කරන්නක් බැවින්, ඒ පිළිබඳ
කතා කිරීමට මැලිකමක් හා බියක් දැක්වීම අවිඥ්ඥානිව හා සවිඥ්ඥානිකව සිදු වෙමින්
පවතී. අනෙක් අතට වර්ග සංහාරය පිළිබඳ කතා කිරීම අතාර්කික හා අන්තවාදී මාතෘකාවක් ලෙස
සලකන නමුත් එය ඔවුන්ම කතා කරන සංහිඳියාවේ වැදගත්ම සාධකය යන්න පිළිබඳව ඇත්තේ දෙබිඩි
බවකි. එසේම වර්ග සංහාරය යන්න පැරණිම අර්ථදැක්වීමෙන් තේරුම් ගැනීම සිදු කිරීමය.
සංකල්ප බිහි කරනු ලබන්නේත්, ඒවාට අර්ථ එකතු වන්නේත් වාස්තවික තත්ත්වයන් නිසාය.
වර්ග සංහාරය පිළිබඳ සංකල්පය යම් ආකාරයකට න්‍යාය ගත වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව
උවවද එය ද අසම්පූර්ණ නිර්වචයනයක් වී ඇත. නමුත් එය මේ දක්වා ගමෙනේ දී වර්ධනාත්මක න්‍යාය
ගත කිරීමක් හා ජාත්‍යන්තර නීතියට හා සමාජයට බලපෑම් කරනු ලබන්නේ වර්ග සංහාරක ක්‍රියා
මාර්ග වලක්වාගත හැකි අයුරු පිළිබඳ අවධානය යොමු කරමිනි.(Politorbis)
අනෙක් අතට
වර්ග සංහාරය යැයි කී පමණින් සංජානනය වන්නේ ඉතාම සීමිත නිදසුන් කීපයක් වන බැවින්,
එම නිදසුන් හා ලාංකික ප්‍රශ්නය සසඳමින් දෙමළ ජනයාට එවැන්නක් සිදු වී නැත යන අදහස
විසින් අවිඥාණිකව සිංහල ජාතිවාදයේ සංකීර්ණතම සංස්කෘතික මූල වල ඔවුන් ද රැඳෙනු ඇත.
තවත් සැසඳීමක දී උතුරේ යුද්ධය විසින් සංහාරය කරන ලද සංඛාත්මක ජීවිත ගණන, දකුණේ දී
මර්ධනය කරන ලද සංඛ්‍යාවෙන් ද සසඳමින් ඇතැමුන් තරක කරනු ලබන්නේ දෙමළ ජනයා වර්ගයක්
ලෙස විනාශ කර නැති බවද, යුද්ධයේ දී මරා දමන ලද සංඛ්‍යාව වර්ග සංහාරයක් ලෙස සලකන්නේ
නම් දකුණේ ද සිදු වූයේ වර්ග සංහාරයක් නොවේද යන්නය. එහෙත් යුද්ධය තුල දී හා
යුද්ධයෙන් පසුව අධිනිෂ්චය වී ඇති සිංහල බෞද්ධ අධිපති දෘෂ්ටිවාදය රාජ්‍ය හා දේශපාලන
බලය සමග සම්බන්ධ වෙමින් ව්‍යුහාත්මක වර්ග සංහාරයකට දෙමළ ජනයා පත් වී සිටීම ඔවුන්ගේ
දේශපාලනික නිදහස පමණක් නොව සෙසු සෑම සාධකයකවම සිදු කර ඇති පීඩනය හා බලහත්කාර පාලනය තුල භුමිය
අහිමි කිරීමත්, භූමියෙන් පිටවීමට බල කිරීමත්, සිය සංස්කෘතිය හා අනන්‍යතාවට කරන
තර්ජනයත් ඇතුලු සමස්ථයෙන් අවබෝධකර ගත
යුතුය.
මේ නිසා
පශ්චාත් යුද අවධිය නිමා කර ගැනීම පිණිස
සංහිඳියාවක් ඇති කර ගන්නේ නම්, සාකල්‍යවාදී ලෙස දේශපාලනයේ නියැලෙන සෑම කොටසකටම
කාර්යයක් ඇත. සම්මත රාජ්‍ය සිමාවේ සිට විකල්ප හා නව නිර්මාණාත්මක විකල්ප සීමාව
දක්වා ඇති පථය වාස්ථවික සමාජයෙන් විගලිත කර අන්තවාදී විය නොහැකිය.තම මන්ගේ
දේශපාලනික අභිලාෂයක් වෙනස්ව පැවැතිය ද සමාජය පරිනාමය වනු ඇත්තේ ඉතිහාසය විසින් ඇති
කර දී ඇති තත්ත්වයන්ට අනුව හා බලවත්ම කොටසේ ක්‍රියාකාරිත්වයට අනුවය. ඒ අනුව ලෝකයට
ද රටට ද දේශපාලනයට ද සාපේක්ෂකව බලන්නේ නම්, සත්‍ය ලෙසම අවශ්‍ය නේ, මිහින්ද
රාජපක්ෂටද, විකල්ප දහරාවට ද, නව නිර්මාණාත්මක විකල්පයට ද සංහිඳියාව නැමැති
ලොතරැය්ය සූරා බැලිය හැකිය. අවම තත්ත්වයේ සිට උපරිම තත්ත්වය දක්වා ජයග්‍රහණ ඇත. අධිපති
දෘෂ්ටිවාදය විසින් නිර්මාණය කර ඇති පැවැත්ම හා බලය නිසා මේ හැම දෙනාටම තම තමන්ගේ
සීමාව අනුව අභ්‍යන්තරික සංහිඳියාවකට ද නොයෑමෙන් පශ්චාත් යුද සංහිඳියාව ඇති කර ගත
නොහැකි වනු ඇත. මේ හැම දෙනාටම ඇත්තේ දැනුමේ හා න්‍යායේ ප්‍රශ්නයක් ද, ජනතාවගේ ප්‍රශ්නයක්
ද නැතිනම් දෘෂ්ටිවාදයේ ප්‍රශ්නයක් ද නැතිනම් බලය පිළිබඳ ප්‍රශ්නයක් ද. මෙය දෙමළ
සමාජයට ද ප්‍රත්‍යාවර්තකය.
උදය ආර්.
තෙන්නකෝන්- Udaya R. Tennakoon
ආශ්‍රිත
මූලාශ්‍ර
1.
Galtung Johan. 1998, Twelve creative ways to foster reconciliation after
violence, http://www.ourmediaourselves.com/archives/33pdf/222_234_Galtung.pdf
5.
Politorbis.(ed),
2/ 2009, No 54, Genocide Prevention, Federal Department of Foreign Affairs
FDFA, Directorate of Political Affairs DP, Bern, Switzerland.
6.
Reconciliation, Oxford Dictionaries- http://www.oxforddictionaries.com/definition/english/reconciliation
7.
Schaap Andrew, 2005, Political Reconciliation, Routledge 270 Maidison Ave, New York, NY
10016
8.
Schaap Andrew, Political reconciliation through a
struggle for Recognition?, http://sls.sagepub.com/content/13/4/523.full.pdf
10. Tennakoon Udaya
R, 2013, Conflict and Ideology in Sri Lanka’s Violent Iceberg, MAS Thesis,
Advanced Study Center, University of Basel
11. ත්‍රිමාන Thrimana, අනුර කුමාර දිසානායක සමග සාකච්ඡාව http://vimeo.com/groups/55899/videos/86501235
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න