මගක් නැති මගක
ඇවිද
මගක් හොයමින් ලුහු
බැඳ
නෙක අනෙක මඟ
ගඟක් මෙන්
ගැලූ
ගමන් කළ මගෙහි
දෙවරක්
එකම අයුරින්
අවිද යන්නට බැරි බවද දැන
විටෙක නැවතත්
පනියි එකම
ගඟකට
අශුද්ධ පාවඩ
විශුද්ධි
මාර්ගය
ප්රසිද්ධ
නැති ගමනක
එකම විදිහට
වෙනස් තැන් තැන්වල
හමුවුණ සගයන්
නො වූයේ ඇයි ද
මගියන්
හොයා ගන්නට
අතරමං වුණු වංගගිරි
මේ මහ
මූකළානෙහි
නිර්වචනයක්
නැති
මගක් නැති වන මගෙහි
පාළුව තිනිකම
කපන්නට
කපාගත් මගකට
පැමිණ
සහයක් ද දී
නැවතුණි
ගමන් සගයාට
මඟක් හමු වී
මේ මූකළානෙම
ඒ මඟ ඔහුට හමු
වුණ
මා ලුහු බඳින
මඟ නම්
මෙපමණ දුරක්
නෑවිත්
මීට පෙර මඟ
සොයා ගෙන
නැවතුන සගයන්
ළඟ ද
නවතින්න
තිබුණි
තරඟයක් නැති
මැරතන් ජීවිතය
අරුමයක් නැත
යැයි මේ ගමන
කරුමයක් වගේ
පෙනුනම
හිතෙනවා ඇති
දුවන්නට
තරඟයට මීටර්
සියය
මගියෙක් වෙන්න
බැරි වුණ සගයට
සගයාට සතුටුයි
මගියා අතැර
දුවයයි
එළි පෙහෙළි කළ
තැන්
පරණ මාවතට
අමුණයි
නැවතී දුවන
කෙටිදුර
හිතට සතුට ද
එක්කර
ලබනා සතුට හති
වැටුනද
දුවයි මීටර්
සියයම
තරඟයෙහි සගයා
උදය ආර්.
තෙන්නකෝන්
Image: Alle Rechte vorbehalten von richwat2011
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න