Diaspora Diary

Thursday, October 9, 2014

පව්කාරයාගේ ගල- ඔය කියන වමටත් සිවිල් අයටත් මේ කියන දේවල් මොකටද


 සිංහල කොටි යන නමින් සමාජගත වී ඇති බහු විධ ක්ෂුද්‍ර ආඛ්‍යානය මාධ්‍ය කතිකාවක් බවට පත් වී හමාර වී ඇතැයි සිතුව ද, වරින් වර එම සංසිද්ධිය පදනම් කරගනිමින් විවිධ මාතෘකාවන් ඹස්සේ පැමිණෙන්නේ මාධ්‍යය   ඇටවිසමයක්( වෛරසයක් ලෙස තේරුම් ගත්ත ද නිවැරදිය) ලෙසය.

නූතන සංනිවේදනයේ ඇති නිදහස හේතුවෙන් ඕනෑම අයෙකුට ඇවැසි නම් සිය අදහස් කැමැති පරිදි භාෂාවේ ඇති සංකේතවලින්  ඉදිරිපත් කළ හැකිය. වෙබ් අඩවියක් තනා ගැනීමෙන්, බ්ලොගයක් තම නමට නිර්මාණය කර ගනිමින් තමන්ට සන්නිවේදකයෙකු විය හැකිය. එසේත් නැති නම් ෆේස් බුක් සමාජ ජාලයේ තමන්ට පිටුවක් වෙන් කර එයට අනෙක් සාමාජිකයන් හවුල් කර ගෙන සිය සන්නිවේදනය කළ හැකිය. එසේම මුද්‍රිත නොවන ස්කයිප් තාක්ෂණයෙන් ද අවැසි සංනිවේදනය කළ හැකිය. මෙම නූතන මාධ්‍යයට සීමාවන් නැත. සදාචාරයන් නැත. මනුෂ්‍යත්වයේ සිට තිරිසන් තත්වය දක්වා ඇති සීමාවන් තුල හීතූ මානාපයට ක්‍රියා කළ හැකිය.

සිංහල කොටි  යනුවෙන් මාධ්‍යගත කළ සිද්ධියට වසර හතකට වඩා වැඩි වී ඇති අතර කාලය තුල එම සිද්ධිය හේතුවෙන්, සිදු වී ඇති දේත් මිනිස් ජීවිතවලට කර ඇති පීඩාකාරි බලපෑම අති විශාලය. එය සමාජ දේශපාලනයට වඩා පුද්ගිලික ජීවිත අර්ථයෙන් යැයි කීම වඩාත් සාධාරණය. එහෙත් පුද්ගලිකත්වයන් සමාජ දේශපාලනයට බද්ධ වී, එය අගතියක් අත්කර දෙන්නේ නම් එය යහපත් නැත. ඒ පිළිබඳ කතිකාවක් ඇති වේ නම් එයට මැදිහත් වීමෙන් වැලකී සිටිය නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි යන කාරණාව නිසා මෙම ලිපිය ලිවීමට අදහස් කරමි.
මේ සඳහා හේතු කාරණා දෙකක් එකම අවස්ථාවක බල පෑ බව කිව යුතුය. පළමු කාරණය නම් මගේ පර්යේෂණ නිබන්ධනය සඳහා ඇති සෙමෙස්තරයට මිචෙල් ෆුකෝගේ කෘතියක් කියැවීමට අනිවාර්යය වීමය. එහි නම Power- බලය යන්නය. එම ලියැවිල්ල තුල ඔහු මතු කරන කාරනාවල ඇති උත්තේජනය විසින් මගේ දෙවැනි කාරණයට පිළිතුරක් සොයා ගත හැකි දැයි සැක ඇතැත්, මෙසේ සටහන් තැබීමට පෙළඹෙමි.

දෙවැනි කාරණය වන්නේ (පතුල වෙබ අඩවිය) ජයම්පති බුලත්සිංහල (ඹහුට අනුව) පැරණි මිතුරා විසින් ඇටවිසමයක් පරිදි වරින් වර මතු කරන සිංහල කොටි, දේශපාලන සිරකරුවන්, මුදල් වංචාවන්, ස්ත්‍රී සම්බන්ධතා යනාදී කාරණා පදනම්කර ගෙන මටද එහි වගකීමක් ලබා දෙමින් කරන වරදකාරී සංනිවේදනයය.

දෙවැනි කරුණට පළමු කරුණ සම්බන්ධ වන්නේ මෙම චෝදනාවලට පදනම්ව ඇතැයි සිතිය හැකි කතිකා විශ්ලෙෂණය, දැනුම, බලය හා ඇත්ත (සත්‍ය) තේරුම් ගන්නේ කොහොමද යන කාරණය මතය. එයට ඇති ආලෝකයක් ලෙස ෆෝකෝ විසින් බ්‍රසීලයේ දී කරන ලද දේශනයේ මුද්‍රත ලියවිල්ල ඉවහල් වේ යන බලා පොරොත්තුව ඇතිව සංවාදයක් ගොඩ නැගීමට හැකි ද යන්න යන පදමනම මත පිහිටා කාලය යෙදවීමට සිතමි.

එය එසේ කිරීමට වැදගත් යැයි සිතන තුන්වැනි කාරණය වන්නේ, ජයම්පති විසින් සිවිල් සමාජයට, වමේ දේශපාලනයට හා ඔහුගේ චොදනා හා යෝජනාවල ඇති බලපෑම නිසාය.
එහෙත් මගේ යොජනාව වන්නේ ජයම්පති සඳහන් කරන සිවිල් සමාජයට හෝ වමට මේ සඳහා සැබෑ උවමනාවක් හා අවැසිකම්ක් තිබේ නම් හෝ අගතියට පත් වී ඇතැයි සිතන අයෙකුට යම් උවමනාවක් ඇත්නම් පමණක් සංවාද කරීම හෝ චෝදනා වල සත්‍යයය සොයා ගැනීමට හැකිද යන්නට මැදිහත් වනු මිසක, වේදනාවන්, මනෝ ව්‍යාධීන්, තරහ පිරිමාසා ගැනීම් ආදිය පෙන්නුම් කරන ෆේස්බුක් කඩපිල්වල හරයක් නැති සංවාදවලට පිලිතුරු දීමට සදාචාරාත්මකව බැඳීමක් නැත යන්නය.

මගේ පුද්ගලික අදහස වන්නේ මෙම සංවාදය මනුෂ්‍ය අර්ථයෙන් කිරීමට ඇති මානයක් සොයා ගැනීම මිසක, වෛරය පිරිමැසීමේ මෙවලම් කර නොගෙන කතා කිරීමය. එහෙත් උභතෝකෝටිකය වන්නේ කාටද වැදගත් යන්නය.
එසේ නොමැති නම් සාක්ෂි ඉදිරිපත් කිරීමට හෝ වැරදි නිවැරදි බව කියා පෑමට  ඇති අධිකරණය කුමක් ද?

ෆේස් බුක් එක ද? පොලීසිය ද? උසාවිය ද?

නව සංවාදයක් කිරීමට රහසිගත විවෘත කඳවුරක් සඳහා කැමැති නම් අවැසි නම්, මෙම සිදුවීමට අදාලව නගන චෝදනාවන් සඳහා වන එක් විත්තිකරුවකු වන මම කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සත්‍ය, දැනුම, බලය හා නොදන්නාකම ඇත්තේ කෙහේද යන්න සොයාගත හැකියැයි සිතමි.
බොහෝවිට බොහෝ දෙනා කියවා ඇතැයි සිතන ෆුකෝගේ දේශන පිටපත ද බෙදා ගැනීමට කැමැති අතර, එය කියවීම හෝ නොකිය වීම මෙම සංවාදය වන්නේ නම්, එය ඉදිරියට තීරණාත්මක නැත.

සංවාදයට කැමැති නම් ඒ සඳහා කුටියක් තනා ගැනීමට ඇති පරිසරය හා ක්‍රමවේද කතාකර ගැනීමට මෙන්න මගේ ඊ මේලය- udayar6868@gmail.com. එසේ නොමැති නම් ඔබගේ යෝජනාවලට ඉඩ ඇත.

එසේම පැමිණිලිකරු කියන සිවිල් හෝ වම සුදානම් බව විවෘතව පෙන්වීමට මෙම ලිපිය පළ කරන මගේ බ්ලොගයට අදහස් දැක්විය හැකිය. මෙය සීමා සහිත බ්ලොගයක් බැවින් වැඩි පිරිසකට කියැවීමට ශෙයා කළ හැකිය.

එය එසේ නොවේ නම් මගේ දේ මගේ ලඟ,
ඔබේ දේ ඔබේ ලඟ
කාටවත් මොකද
වෙන අතක් බලාගමු
වෙන හරිය බලාගෙන

 මීට සැකකරු

උදය ආර්. තෙන්නකෝන්


Monday, August 25, 2014

IDEOLOGY VERSUS JUSTICE, DEMOCRACY AND FUTURE IN SRI LANKA

Presentation about Sri Lanka was presented in a workshop organized by International Fellowship of Reconciliation- Hundred Years for Non Violence- Konstanz Germany
By Udaya R. Tennakoon





Reflecting 
on the violence of the 
past and addressing the challenges of 
today, approximately 150 delegates from IFOR 
member organizations across the globe will gather in Konstanz, 
Germany 100 years after the outbreak of World War I. World- renowned 
nonviolence experts, representatives from like-minded peace organizations, and 
members of the general public will join IFOR in mourning, celebration, and envisioning the future.

Thursday, July 10, 2014

ඇසල ජූලි සිංහල සඳ


බුදුන් තුන් වරක් මෙබිමට වැඩි  සේක  
සුමන සමන්  රැක දී කැප කළ  සේක 
විජය සිහල වරිගෙට නම දුන් සේක 
සිවුර වසාගෙන රට රජ කළ සේක

මහානාම මහවිහාර  සිංහල මහවංශයයි
සිංහලයින් බෞද්ධයින් උරුමය ගත් සේසතයි
අතීතයෙන් කරගහ ගත් මතවාදය කගපතයි
සිංහයාට භාර දුන්නෙ ඇසල මහේ දවසකයි

කඩු ගාමින් ලේ සෙල වූ ජන ඝාතන  පිටු ගොඩයි 
වීර විකුම් යුද පැරකුම් දම් රසයෙන් පින්බරයි
මෙතේ බුදුන් ගැමුණු මගේ මුලතිව් සංහාරයයි
 සමාධි බුදු රූ නෙත් යුග අනුරපුරේ ගල් ගැහෙයි

දොළොස් මහට පංසල් යන පසලොස්වක සිංහල සඳ
වෙසක් පොසොන් සිල් අරගෙන ජූලි මහේ කළුවර සඳ
කඳුළු හදෙහි හංගාගෙන වලාකුලක හැංගුන සඳ
පායන්නේ නැගෙනහිරින් නිලාවේලි ලස්සන බිඳ


උදය ආර්. තෙන්නකෝන්

Thursday, June 26, 2014

Verloren und gefunden



Ich hatte ein Ziel.
In vergangenen Zeiten
war es in meinen Geist gekommen.
Ab und zu
spielte es mit mir,
meistens lachte ich viel,
selten weinte ich,
für andere sorgte ich mich.

Nachdem ich mit ihm gekämpft hatte,
dachte ich  für mich:
wer bin ich,
wohin gehe ich,
und mit wem?
Der Ausflug meines Lebens
entschied ich nicht,
aber mein Geist ahnte,
dass etwas nicht stimmte.

Unterwegs
konnte ich mich nicht mit ihm verbinden
In  jedem Moment
konnte ich mein Ziel verlieren,
ich fühlte mich
mit niemandem verbunden.

Meiner Kopf und Körper wären leer,
wenn  nichts für mich einen Sinn hätte.
Nun bin ich
Etwas für mich.

Das geschah als ich an einem Punkt,
da ich neues erschuf,
etwas verloren und gefunden hatte zugleich!
Mein Geist stand plötzlich auf,
klopfte auf meine Schulter
und wir umarmten uns.
Ich weiss dass ich in dem Kreis
als ein kleinen kreis bin
Aber ich weiss es nicht
ob ihr es weiss

Udaya R. Tennakoon
Bilder:  Bestimmte Rechte vorbehalten von Ines Seidel


Tuesday, June 17, 2014

බුදුන් පැනවූ ගිහිබණ නොහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත


පිංවත් සංඝයාවහන්ස.. ප්‍රථමයෙන්ම දෙසරණය සමාදන් වන්න
නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ..
නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

තථියම්පි බුද්ධං සරණං ගච්ඡිම්
තථියම්පි ධම්මං සරණං ගච්ඡාමි

පංසිල් පද පහ නොකියන්න
බුදු දහමේ එන කිසිදු වචනයක්
ගාථාවක් සූත්‍රයක්
හිතාමතා හෝ වැරදීමකින් හෝ
ඔබලාගේ කටින් පිට නොකරන්න
එය ඔබලා ද
ඔබලා මගෙහි යන
සත්වයින්ට අකැප බව මෙනෙහි කර ගන්න

එහෙම කොහෙද
එහෙම උනොත් අබ සරණයි
හරිද..

මේ පිංවතුන් සන්සුන්ව
මේ කියන ගථාව අප සමග කියන්න

සිව්පසයට මුවා වී
පංසිල් කඩාවී
කහවත කිළිටි වී
යන්න නිරයක් සොයාවී

අවිහිංසක දහම
අංගුලිමාල වී කොහොම
වසල පිරිතම කොහොම
කසල වූයේ කොහොම

අය්යට මුවා වී
මල්ලී චණ්ඩියා වී
දෙන්නට මුවා වී
නැණ සර රජා වී

කෝවිල් කඩා වී
පල්ලි  ද කඩාවී
මිනිසුන් මරාවී
මිනිසුන් සතුන් වේවී

සියලු සත්වයෝ නිදුක් වේවා
නිරෝගි වේවා
සුවපත් වේවා

ඒවා කොහෙද අපිත් එක්ක
මුස්ලිම් දෙමළ හැර

 ඇයි මොකද
අපි පංසිල් රකින්නෑ කියලද කියන්නේ
යකෝ උඹලට හොඳ ජාතකයක් නැද්ද
මේක අපේ රට
අපේ ආගම

මේ පිංවතුන් සන්සුන්ව
මේ පෙති ටික පානය කිරීමෙන් ඔබට ඉක්මන් සුවය පතන්නෙමු
සිවුරු ගලවා
මූලස්ථානවලට භාර දෙන්න
ඔබලාට හෙලුවම මිස
අන් කිසිවක් නුසුදුසුය

උදය ආර්. තෙන්නකෝන්





Friday, May 23, 2014

මගියාගේ සගයා

 

මගක් නැති මගක ඇවිද
මගක් හොයමින් ලුහු බැඳ
නෙක අනෙක මඟ
ගඟක් මෙන් ගැලූ
ගමන් කළ මගෙහි දෙවරක්
එකම අයුරින් අවිද යන්නට බැරි බවද දැන
විටෙක නැවතත්
පනියි එකම ගඟකට

අශුද්ධ පාවඩ
විශුද්ධි මාර්ගය
ප්‍රසිද්ධ නැති ගමනක
එකම විදිහට වෙනස් තැන් තැන්වල
හමුවුණ සගයන්
නො වූයේ ඇයි ද මගියන්
හොයා ගන්නට
අතරමං වුණු වංගගිරි
මේ මහ මූකළානෙහි

නිර්වචනයක් නැති
මගක් නැති වන මගෙහි
පාළුව තිනිකම කපන්නට
කපාගත් මගකට පැමිණ
සහයක් ද දී නැවතුණි
ගමන් සගයාට මඟක් හමු වී
මේ මූකළානෙම

ඒ මඟ ඔහුට හමු වුණ
මා ලුහු බඳින මඟ නම්
මෙපමණ දුරක් නෑවිත්
මීට පෙර මඟ සොයා ගෙන
නැවතුන සගයන් ළඟ ද
නවතින්න තිබුණි

තරඟයක් නැති මැරතන් ජීවිතය
අරුමයක් නැත යැයි  මේ ගමන
කරුමයක් වගේ පෙනුනම
හිතෙනවා ඇති දුවන්නට
තරඟයට මීටර් සියය
මගියෙක් වෙන්න බැරි වුණ සගයට

සගයාට සතුටුයි
මගියා අතැර දුවයයි
එළි පෙහෙළි කළ තැන්
පරණ මාවතට අමුණයි

නැවතී දුවන කෙටිදුර
හිතට සතුට ද එක්කර
ලබනා සතුට හති වැටුනද
දුවයි මීටර් සියයම
තරඟයෙහි සගයා

උදය ආර්. තෙන්නකෝන්
Image: Alle Rechte vorbehalten von richwat2011




Sunday, May 18, 2014

පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය


පශ්චාත් යුද අවධිය

වර්ෂ 2009 මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ පශ්චාත් යුධ අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික ගැටලුවේ  ප්‍රමුක පාර්ශවය වූ (එල්ටීටීඊ) දෙමළ විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන්, ලංකා රාජ්‍යෙය් නිල හමුදාව විසින් පරාජයට පත්කොට විනාශකර දැමීමය. ඉන් අනතුරුව උදා වූ කාලය පශ්චාත් යුද කාලය ලෙස හැඳින්වීම සිදු වන්නේ යුද්ධයෙන් පසුව වුවද ප්‍රශ්නයට නිසි පිළියමක් නොමැති වීම යන  කාරණය නිසාය. එනිසා 2009 මැයි මාසයෙන් පසුව ගෙවුණු හා ගෙවී යන කාලයට වසරින් වසර එකතු වෙමින් මෙම කාලය පළල්වීම සිදු වීමයි. මෙම ගමනේ දී, ඊට ඇති අර්ථකතනයන්ගේ හැඩය ද වෙනස් වෙන්නට පටන් ගෙන ඇත. එබැවින්  පශ්චාත් යුද තත්ත්වය තේරුම් ගන්නේ කෙසේද යන්න දේශපාලනයටත්, සමස්ථ සමාජයටත් අඩු වැඩි වශයෙන් වැදගත් වේ.