Diaspora Diary

Saturday, April 12, 2014

නැතුවා නොවේ




හිනාවක් කියයි විලාසය
බලෙන් හංගන්න හැදුවට
ඇස් දෙකට බැරිවෙයි
දෘෂ්ටිය නිවැරදිව ගන්නට

කේශ නාලිකා රුධිර ධමනි යටකර
මතුවෙයි හදවතේ ඇති දෙය
ගැඩවිල් පණුවෙක්ගෙ පස්මෙන්
අයාස හිනාවේ මතු පිට


බලන මට දැනෙන මා හදට
වඩා වෙහෙසක් ගෙන නොදේවිද
දරා සිටිනා ඔබට
ඒ බව නොකියයි ද  වචන නැතුවත් හිටියට

හඳක් පායැති අහසක්
කළුවර යට නැති ද හැඩයක්
තිබුණ ද නොරිස්නා පුළුටු මුහුණක්
නැතුවා නොවෙයි ඔබ තුල ද මිනිහෙක්

සැනසෙන්න බැරි නැත
මිනිසෙකුට එය කළ හැක
විවර කර දොර ජනෙල් හදවත
පිරිසිදු හුළඟකට ඇරයුම් කළ හැක

උදය ආර්. තෙන්නකෝන්




Image from: StrohmArmstrong

1 comment:

Feel free to comment- කොහොමද කියන්න