
යුරෝපේ පුරා
පමණක් නොවේ ඇවිදිනා
දිනා ගන්න සතර
දියත හොල්මන් කරනා
බලා ඉන්න ඉර
හඳ තරු අඳුර දුරලනා
පෙළෙන මිනිසුනේ
එක්වෙමු පාර ඇත තනා
සටන් පෙරමුණට
දස දෙස හේතු උපදිනා
ජාත්‍යන්තර
ගීය අපිට සමගිය කියනා
දෙසට බසට තනුව
අනුව පද ගොනු කරනා
නිර්ධන
නිර්වචන පංති මඟ පළල් වුණා
හඬක් ඇති මහත්
ජන බල අහස දෙදෙරනා
බියෙන් තොර
බිමක් උදෙසා අතක් එසවෙනා
අයිතියක් නිසා
ජන ගඟ පාරට හැරෙනා
සිහිනයක් නොවේ
තැන තැන ලොවේ නැගිටිනා
උදය ආර්.
තෙන්නකෝන්
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න