
අඳ වී වඳ වනු වෙනුවට
විඳවා මිය යනු වෙනුවට
බොඳ වී මීදුම් වනවා වෙනුවට
සක්වල ගල මුදුනට ගොස්
විරසක කම් පන්නා දමමු
පහන් කණුව අතට අරන්
අඳුරට පාලමක් තනමු
අගුල් දැමූ හදේ කවුළු
විශ්වාසෙන් විවර කරමු
වෛරයෙ ගිනි සිළුවට පිඹ
ආදරයේ අකුරු ලියමු
ආ මඟ වැරදුණු සලකුණු
ආපසු ස්පර්ශ කරමු
රිදුනු මිනිස් හදවතකින්
සමාව නොපැකිල ඉල්ලමු
ජාතිය ආගම් ආලය
මතින් තොරව බැහැර කරමු
ලෝකය කොතරම් ද කියා
අපේ කුඩා බව දැන ගමු
උදය ආර්. තෙන්නකෝන්
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න