උන් අසුන් මත
තබා සැඟ වූ වත
නැඟිට සංසුන් හිත
යාඥා කරන ඔබෙ අත
ආත්මය මිළින පිළිමය
බලාගෙන ඔබේ චලනය
පැතිර යන නිහඬ රිද්මය
ඔබටම අනින හී සරය
ඇනුනද ලයට නොදැනෙන
ආත්මය පිළිමයක් මෙන
දෙවියන් නමට රැස්වෙන
රඟ මඬල මිසක නැත වෙන
ලියවිල්ල තුල සැඟවුණ
අපමණ උපදේශ ලියැවුණ
ඒ මත වගේ හිටගෙන
රවටන වෙහෙස කොපමණ
සහවාස සබඳකම් බැඳී
දෙවියන් සමඟ ලුහු බඳී
බොරුව ඇත්තට වෙස්බඳී
පිළිමයකි ජීවිතය යයි ඇදී
එළියට පැමිණ ඇඳ ගෙන ආ ඇඳුම
පියවර තබන මඟ විමසන දහම
වට පිට විසින් අමතක කරනා අහම
නින්දක් සමග යළි දවසක මනස එම
උදය ආර්. තෙන්නකෝන්
No comments:
Post a Comment
Feel free to comment- කොහොමද කියන්න